Monday, May 13, 2024

General line - 0115112241

කොරෝනා නිසා චීන ආර්ථිකය කඩා වැටෙන ලකුණු




කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ලොව දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනයේ ආර්ථිකය කඩා වැටීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, චීනයට පනවා ඇති සංචාරක තහනම සහ මෙවර චන්ද්‍ර අවුරුදු උළෙල කල් දැමීම හේතුවෙන්. එරට කොටස් වෙළඳපොළ කඩා වැටී ඇති අතර චීනයේ යුවාන් මුදල් ඒකකය ද කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර චීනයට කොරෝනා වෛරසය පාලනය කිරීමට හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ හේතුවෙන් චීනයේ සිටින විදේශිකයන් එරටින් පිට වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි එම සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව පවසා ඇත්තේ, චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිටින තම රටවල පුරවැසියන් ගෙන්වා ගැනීමට බොහෝ රටවල් තීරණය කර ඇති පසුබිමකයි. වූහාන් ප්‍රාන්තයේ සිටින අමෙරිකානු පුරවැසියන් විශේෂ ගුවන් යානයකින් හෙට යළි සිය රටට ගෙන්වා ගැනීමට අමෙරිකාව කටයුතු යොදා තිබෙනවා. හුබෙයි ප්‍රාන්තයේ සිටින සිය පුරවැසියන් ඉවත් කර ගැනීමට ඉන්දියාව ද පියවර ගනිමින් සිටිනවා.

මේ වනවිට කොරෝනා වෛරසය වැළඳී රෝහල්ගතව සිටි පුද්ගලයින් 60 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බවයි චීන මාධ්‍ය පවසන්නේ. වෛරසය හේතුවෙන් මේ වනවිට චීනයේ පුද්ගලයින් 106 දෙනෙකු මියගොස් ඇති අතර තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 4,500 කට අධිකයි.