Monday, May 13, 2024

General line - 0115112241

ලන්ඩනයේදී පොලිස් වෙඩි පහරින් මියගිය "සුදේශ් අම්මාන්" ගේ මව්පියන් ලංකාවේ




දකුණු ලන්ඩනයේ දී ඊයේ (02) දින පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කොට පසුව පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්ව ඇති සුදේශ් අම්මාන් නැමැත්තාට ශ්‍රී ලංකාවේ සම්බන්ධකම් ඇති අයෙක් බවට හෙළිවී තිබෙනවා.

පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්වූ සුදේශ් අම්මාන් ඉකුත් 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන සිර දඬුවම් විදින ලද පුද්ගලයෙක් වනවා.

සිර භාරයෙන් නිදහස් වීමෙන් අනතුරුව ඔහු දකුණු ලන්ඩනයේ පිහිටි රැඳවුම් නේවාසිකාගාරයක ජිවත්ව සිට ඇත.

ඔහුගේ මව වන 41 ක් හැවිරිදි හලීමා ඛාන් කියා සිටියේ තම පුත්‍රයා අවසන් වරට එළුමස් බුරියානි ඉල්ලා සිටි බවත් සිදුවීම වූ දිනයට පෙර තමන් විසින් එය සාදා ඔහු සිටින රැඳවුම් නේවාසිකාගාරයට ලබා දුන් බවයි.

ඒ අවස්ථාවේදී හෝ තමන් මෙවැනි සැලසුමක් දියත් කරන බවට ඉඟියක් හෝ පළ නොකළ බවත් අවසානයේදී තම පුත්‍රයාගේ මරණය ගැන තොරතුරු දැන ගැනීමට ලැබුනේ මාධ්‍ය මගින් බවද ප්‍රකාශ කර සිටියා.

තම පුතා දැඩි ආගම් භක්තිකයෙක් නොවුනත් මිට වසර කිහිපයකට පෙර අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වන ආගමික වැඩසටහන් නරඹා දැඩි මුලධර්ම වාදියෙක් බවට පත්වූ බව සුදේශ් අම්මාන්ගේ මව එංගලන්තයේ මාධ්‍ය වෙත කියා සිටියා.

කෙසේ වුවත් ඔහුගේ මේ දැඩි මුලධර්මවාදී ලක්ෂණ වැඩි වීම ආරම්භ උනේ ඔහු සිර දඬුවම් ලැබීමෙන් අනතුරුවයි, සුදේශ් අම්මාන් ගේ මව කියා සිටියා.

කෙසේ වුවත් එංගලන්තයේ මාධ්‍ය නිවේදනය කර තිබුනේ පොලිස් වෙඩි පහරින් මියගිය සුදේශ් අම්මාන් ගේ දෙමව්පියන් ශ්‍රී ලාංකිකයින් බවයි. ඔහුගේ පියා ෆරාස් ඛාන් ලෙස හඳුනාගෙන ඇත.

ඔහු මේ වන විට ශ්‍රී ලංකාවේ ජිවත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ