Saturday, April 27, 2024

General line - 0115112241

චීනයේ මරණ 565 දක්වා ඉහළට




නව කොරෝනා වෛරසය ආසාධනයවීම හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 565 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් මරණ 72 ක්ම වාර්තා වී ඇත්තේ ඊයේ (05) දිනයේයි. එම සියළු මරණ චීනයෙන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

මේ වනවිට පිලිපීනයෙන් සහ හොංකොං රාජ්‍යයෙන් නව කොරෝනා මරණයක් බැගින් වාර්තා වී තිබෙනවා.

චීනයේ නව කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 28,018 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මේ වනවිට ඉන් 1,005 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවද එම වාර්තාවල දැක්වුණා.

මේ අතර චීනයේ සිට පැමිණෙන සියළු පුද්ගලයින් සඳහා දින 14 නිරෝධායනයක් සිදුකිරීමට හොංකොං රාජ්‍යය තීරණය කර තිබෙනවා.