Saturday, April 27, 2024

General line - 0115112241

හොරෙන් ගෙනා මත්පැන් බෝතල් තොගයක් හසු වේ (PHOTOS)

ජූඞ් සමන්ත




ඉතාලියේ සිට හොර රහසේ මෙරටට ගෙන්වන ලද බවට සැකකරන රුපියල් ලක්ෂ 03 ක් පමණ වටිනා විදේශීය මත්පැන් බෝතල් 48 ක් සමග සැකකරුවන් තිදෙනෙකුව සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කුඹුක, ඔබේසේකරපුර සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල සිදු කරන ලද වැටලීම්වලදී විදේශීය මත්පැන් බෝතල් තොගය සොයා ගැනුනා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ඇප මත මුදා හැරි අතර ඔවුන්ට එරෙහිව ලබන 13 සහ 14 යන දිනයන්හී හොරණ සහ මාළිගාකන්ද යන අධිකරණයන්හී නඩු පැවරීමට කටයුතු කරන බව වැටලීම කළ නිලධාරීන් සඳහන් කළා.

විදේශයන්හී සිට මෙරටට මත්පැන් ගෙන එන විට නියමිත පරිදි තීරු බදු ගෙවීමෙන් අනතුරුව ඒ මත විශේෂිත වූ ස්ටිකරයක් ඇලවිය යුතුයි. නමුත් සුරාබදු නිලධාරීන් තම බාරයට ගෙන ඇති මෙම මත්පැන් බෝතල්වල එවැනි ස්ටිකරයක් ප්‍රදර්ශණය කර නැති බවයි වාර්තා වෙන්නේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථනාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන්.හේමන්ත ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබුණා.