Saturday, May 11, 2024

General line - 0115112241

තායිලන්ත සෙබළාගේ පළමු ප්‍රහාරය බෞද්ධ සිද්ධස්ථානයකට : මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළට (UPDATE)




තායිලන්තයේ කෝරාට් හිදී සිවිල් වැසියන් ඉල්ක්ක කර ගනිමින් ප්‍රහාරය දියත් කළ හමුදා නිලධාරියා Jakraphanth Thomma යනුවෙන් හඳුනා ගෙන තිබෙනවා.

මේ වන විට මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 15 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඔහු විසින් සිය කඳවුරේ ප්‍රධානියාට ද පහරදී එහි තිබී ගිනි අවියක් සහ පතොරම් රැගෙන පළා ගොස් මෙම අපරාධය සිදුකර ඇති බවයි තායිලන්ත ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ඔහු විසින් කෝරාට් හි පිහිටි බෞද්ධ ආගමික ස්ථානයක් තුල සිටි වැසියන් ඉලක්ක කර ගනිමින් පළමුව වෙඩි ප්‍රහාරයක් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. ඉන් පසුව කෝරාට් හි පිහිටි සාප්පු සංකීර්ණයක් තුලට පැමිණ එහි සිටි පුද්ගලයින්ට ද වෙඩි තබා ඇත.

මේ වන විට ඔහු එම සාප්පු සංකීර්ණයේ බිම් මහලේ සැඟව සිටින බවයි තායිලන්ත ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. මෙම ප්‍රහාරය සිදුකළ තැනැත්තා අත්අඩංගුවට ගන්නා ලෙස එරට අගමැතිවරයා ආරක්ෂක අංශ බලධාරීන්ට නියෝග කර ඇත.

මෙම ප්‍රහාරයේ අරමුණ ගැන මේ දක්වා පැහැදිළි වී නොමැති බවයි තායිලන්ත බලධාරින් සඳහන් කරන්නේ. කෙසේ වුවත් ප්‍රහාරය අතරවාරයේදී ප්‍රහාරකයා විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ගිනිඅවි සහ පතොරම් ඇතුලත් ජයාරූප පවා පළකොට තිබෙනවා.

.....................................................................................

තායි සෙබලෙක් ගේ වෙඩි ප්‍රහාරයකින් 12 දෙනෙක් ජිවිතක්ෂයට 

(08-02-2020 18:07)

තායිලන්තයේ ඊසාන දිග බැංකොක් හි කෝරාට් ප්‍රදේශයේදී හමුදා සෙබලෙක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් 12 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

තායිලන්ත පොලිසිය සඳහන් කර සිටියේ මෙම හමුදා සෙබළා මැෂින් තුවක්කුවක් උපයෝගී කර ගනිමින් අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බවයි.