Thursday, May 9, 2024

General line - 0115112241

විග්නේශ්වරන් තව වැඩකට හරස්වෙයි..!




යාපනය, කීරමලෙයි ප‍්‍රදේශයේ රජය මගින් පිහිටුවීමට යන ධිවර වරාය වහාම අත්හිටුවිය යුතු බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ කවරෙකුගේ හෝ පූජනීය සිද්ධස්ථානයක් අසල ධීවර වරායක් ඉදිකිරීම සදාචාරයට පටහැනි කි‍්‍රයාවක් බවයි.

කීරමලෙයි ප‍්‍රදේශය, හින්දු ජනතාව තම මියගිය පියවරුන්ට පිං අනුමෝදන් කිරීම පිණිස උපවාස සිදු කෙරෙන ස්ථානයක් ලෙසයි සැලකෙන්නේ. වාර්ෂිකව සෑම අගෝස්තු මාසයකම අමාවක දිනයේදී මෙය සිදු කෙරෙනවා. ඊයේ (02) කීරමලෙයි දියනාන පොකුණ අසල පැවති එවැනි උපවාසයකට එක්වීමෙන් අනතුරුව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

තමන් දැනටමත් මෙම ධීවර වරාය ව්‍යාපෘතිය නතර කරන ලෙස රජයට දන්වා ඇති බවයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.