Friday, May 3, 2024

General line - 0115112241

වුහාන් සිට පැමිණි රටවැසියන් නිසා කුපිතවූ යුක්‍රේන ජනතාව




චීනයේ වුහාන් නගරයේ සිට ඉවත් කර ගනු ලැබූ යුක්‍රේන ජාතිකයින් රැගත් බස් රථ වලට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

යුක්‍රේනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියේ වුහාන් සිට රැගෙන ආ එරට පුරවැසියන් එරට Noviy Sanzhari ප්‍රදේශයේ නිරෝදාන මධ්‍යස්ථානයකට රැගෙන එමින් සිටියදී විරෝධතාකරුවන් විසින් මග හරස් කොට පහර දී ඇති බවයි.

මෙම පහර දීමෙන් පොලිස් නිලධාරින් 09 දෙනෙක් සහ වුහාන් නගරයේ සිට පැමිණි එක් පුද්ගලයෙක් තුවාල ලබා ඇත. එරට ආරක්ෂක අංශ සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි. 

මේ වන විට යුක්‍රේනයේ කිසිදු කොරෝන වෛරස් රෝගියෙක්‌ වාර්තා වන්නේ නැහැ.