Friday, May 3, 2024

General line - 0115112241

කොරෝනා හේතුවෙන් කොරියාවේ පල්ලි වැසේ




කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් දකුණු කොරියාවේ සියලූ කතෝලික දේව මෙහෙයන් අද නතර කිරීමට පියවර ගැනුණා. ඒ අනුව සියලූ දේවස්ථාන වසා දමා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඉරිදා දිනයේ පැවැත්වෙන දේව මෙහෙයන් සඳහා සමස්තයක් ලෙස ගත් කළ මිලියන 5.8 ක පිරිසක් සහභාගී වනවා. කතෝලික දේව මෙහෙයන්ට අමතරව සියලූ බෞද්ධාගමික කටයුතු ද නවතා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

චීනයට පරිබාහිරව කොරෝනා වෛරසය දකුණු කොරියාව තුළ සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මේ වනවිට එරටින් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 3,736 ක්. පුද්ගල මරණ 18 ක් දකුණු කොරියාවෙන් වාර්තා වනවා.