Saturday, May 18, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර උපාධිධාරීන්ට රජයෙන් සුබ පණිවිඩයක්

හේරත් ඒකනායක / කමල් සුරවීර




රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූවන්ට පත්වීම් ලිපි බෙදා හැරීම අවසන් අදියරට පැමිණ ඇති බව රජය පවසනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන රජයේ මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල.

රැකියා අයදුම්පත් 70,000 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබූ අතර ඉන් 56,000 ක් නියමිත ආකෘතියට අනුව නිවැරදිව සම්පූර්ණ කර තිබෙනවා. උපාධිය හෝ ඩිප්ලෝමා සහතිකය සහිතව මූලික සුදුසුකම් සපුරා ඇතත් දැනුම් දුන් මූලික නිර්ණායක සපුරා නොතිබූ ඉල්ලුම්පත් ප්‍රතික්‍ෂේප වීමෙන් පසු පත්වීම් සදහා සුදුසුකම් ලබා ඇත්තේ 42,000 ක් පමණක් බවයි රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ.

පත්වීම්ලාභීන්ට වසරක පුහුණු කාලය තුළ රුපියල් 20,000 ක දීමනාවක් හිමි වන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.