Saturday, May 18, 2024

General line - 0115112241

හඬපට සිද්ධියට විනිසුරු ගිහාන් පිලපිටිය සැකකරුවෙකු ලෙස නම් කරයි - අප්‍රේල් 2 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග




වැඩ තහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට ලබන අප්‍රේල් මස 2 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (02) සිතාසි නිකුත් කළා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකගේ හඬපට සිද්ධියට අදාළව වැඩ තහනමට ලක් වූ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සැකකරුවෙකු ලෙසද අධිකරණය විසින් අද නම් කෙරුණා. ඒ අනුව අදාළ සිතාසි ඔහු වෙත භාරදීම කොළඹ අපරාධ කොට්ඨාශය හරහා සිදු කරන ලෙසයි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දී ඇත්තේ.