Saturday, May 18, 2024

General line - 0115112241

සමගි ජන බලවේගයේ සමාරම්භයට නොගිය හේතුවට රනිල් පාර්ශවයෙන් උත්තර




විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරණ සමගි ජන බලවේගය එළිදැක්වීමේ අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂයේ ජේ්‍යෂ්ඨයින් එක් නොවීම සම්බන්ධයෙන් එම පක්‍ෂය අද හේතු දැක්වුවා. ඒ, පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් කැඳවමින්.

නෙළුම් පොකුණේ පැවති සමගි ජනබලවේගය එළිදැක්වීමේ අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, සාගල රත්නායක සහ රවී කරුණානායක ඇතුළු ජේ්‍යෂ්ඨයින් පිරිසක් සහභාගි වූයේ නැහැ. ඊට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් පළ කළා.

මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකද එක් වුණා. ලකුණ සම්බන්ධයෙන් සහ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඔහු දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.