Saturday, May 18, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරය පිළිබද කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපති අතට




පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභාය රාජපක්‍ෂ මහතා වෙත අද භාරදෙනු ලැබුවා. ඒ, එම කොමිසමේ සභාපති, අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ප්‍රමුඛ එම කොමිසමේ සාමාජිකයින් විසින්.

මෙහි පළමු අතුරු වාර්තාව ඉකුත් දෙසැම්බර් මස 20 වනදා ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබුවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පත් කරනු ලැබුවේ 2019 වසරේ සැප්තැම්බර් මස 22 වනදායි. එහි අවසන් වාර්තාව මෙම කොමිසමේ ඉදිරි පරීක්‍ෂණවලින් අනතුරුව සම්පාදනය කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.