Saturday, May 18, 2024

General line - 0115112241

අලියා හෝ හංසයා ලකුණ නොදෙන්නේ නම් සජිත් විකල්පයකට සැරසෙයි




ඉදිරි මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට අලියා හෝ හංසයා ලකුණින් තරග වැදීමට නිත්‍යානුකූල අවසරය ලබා නොදෙන්නේ නම් වෙනත් තීරණයක් ගැනීමට සිදුවන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කළා. ඒ, අද පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

ඊයේ පැවති එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වූ බවයි විපක්‍ෂ නායකවරයා මෙහිදි ප්‍රකාශ කළේ. 

මේ අතර විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරණ සමගි ජන බලවේගය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද එළිදැක්වුණා. මේ, එම උත්සවය ඇමතූ විපක්‍ෂ නායකවරයා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.