Saturday, May 18, 2024

General line - 0115112241

මහ මැතිවරණය අප්‍රේල් 25 වෙනිදා : නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය මැයි 14 




පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට නියමියි.  

මහ මැතිවරණය සඳහා වූ නාම යෝජනා භාර ගැනීම මාර්තු මස 12 සිට 19 වෙනිදා අතර සිදුකරන බවයි එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය මැයි මස 14 වෙනිදා රැස්වීමට නියමිතව තිබෙනවා.