Saturday, May 18, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වූ සමන් රත්නප්‍රිය වාහන බලපත‍්‍රය අරන් යයි




හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සමන් රත්නපි‍්‍රයට අමෙරිකානු ඩොලර් 65,000 ක වටිනාකමින් යුත් වාහන බලපත‍්‍රයක් ලබාදී තිබෙනවා. 8 වන පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මන්තී‍්‍ර ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා සමන් රත්නපි‍්‍රය පත් කෙරුණා.

ඔහු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවේ ඉකුත් මස 5 වැනිදායි. මන්තී‍්‍රවරයෙකු ලෙස දිවුරුම්දීමෙන් පසු මන්තී‍්‍ර වරප‍්‍රසාද අනුව තමන්ට හිමි වාහන බලපත‍්‍රය ලබාදෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සමන් රත්නපි‍්‍රය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සමන් රත්නපි‍්‍රයට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සඳහා ලබාදෙන වාහන බලපත‍්‍රය ලබාදීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු නෙත් නිව්ස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස එක් දිනක් හෝ කටයුතු කර ඇති අයෙකුට මන්තී‍්‍ර ධුරයට අදාළ සියළු වරප‍්‍රසාද හිමිවන බවයි.