Monday, May 6, 2024

General line - 0115112241

ශී‍්‍රලනිපය යළි තනිවෙන සූදානමක




එලබෙන මහ මැතිවරණය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කිරීමට අවධානය යොමුව ඇතැයි එහි උප සභාපතිවරයෙකු වන උතුරු මැද හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න පවසනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මීට පෙර ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස මහ මැතිවරණයට තරග කරන බවයි. 

එහෙත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් නියෝජිතයින්ගේ ප‍්‍රකාශ නිසා ඔවුන් සමග තවදුරටත් සන්ධානගතව සිටීම දුෂ්කර වී ඇතැයිද මහ මැතිවරණය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කිරීමට අවධානය යොමුව ඇත්තේ ද ඒ නිසා බවද පේෂල ජයරත්න පැවසුවා.

මහ මැතිවරණය සඳහා වෙනම තරග කළහොත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 25ක් පමණ දිනා ගැනීමට හැකිවනු ඇතැයිද මෙහිදී විශ්වාසය පල කෙරුණා.