Tuesday, May 7, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය හමුවේ ලොව ප්‍රකට සමාගමක් " මිනිසත්කමට" නිගා කළ හැටි (PHOTOS)




විසබීජ නැසීම සඳහා යොදා ගනු ලබන ද්‍රාවණයන් අඩංගු යන්ත්‍රයක් ලෙස පුද්ගලයෙකු වෙස් ගන්වා තැබිම සම්බන්ධයෙන් සෞදි අරාබියේ ප්‍රමුඛ පෙලේ ඛණිජ තෙල් සමාගමකට එරෙහිව දැඩි සමාජ විරෝධයක් එල්ලවී තිබෙනවා.

සෞදි අරාම්කෝ කාර්යාලයක් තුළ ගත් ඡායාරූප වලින් දැක්වෙන්නේ ආරක්ෂිත වෙස්මුහුණකින් සැරසී සිටින සේවකයෙකු දෑත් පිරිසිදු කිරිම සඳහා පිරිසිදු කාරක බෙදාහරිනු ලබන යන්ත්‍රයක් සේ වෙස් ගන්වා තිබෙන අයුරුය. 

කොරෝනා වෛරසයෙන් ලොව පුරා රෝගීන් 121,000 ක් වාර්තා වී ඇති අතර 4,400 ක් ජීවිතක්ෂයට පත්ව ඇති මොහොතක දැන දැනම පුද්ගලයෙකුගේ ජීවිතය අවධානමේ හෙලීමට එරෙහිව සෞදි සමාගමට එරෙහිව ලොවපුරා දැඩි විරෝධතාවයක් එල්ල විය.

ඒ සමගම වහාම ක්‍රියාත්මක වූ සෞදි අරාම්කෝ සමාගම එම ක්‍රියාව නතර කිරිමට පියවර ගත් බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.