Saturday, May 4, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය නිසා ක්‍රීඩා තරගත් කල් යයි : ක්‍රීඩකයින් කිහිප දෙනෙක් නිරෝධානයට




කෙරෝනා වෛරසය ආසාදනයවී ඇතැයි මතුවු සැකය මත පෘතුගාල සුපිරි පාපන්දු කී‍්‍රඩක කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ ද නිරෝධායනයකට ලක් කර තිබෙනවා. ඔහු නියෝජනය කළ පාපන්දු කණ්ඩායමේ කී‍්‍රඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවීම ඊට ආසන්නතම හේතුවයි.

ඔස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන කී‍්‍රඩක කේන් රිචඞ්සන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂාවක් සදහා යොමුකර තිබෙනවා. ඔහු සංචාරක නවසීලන්තය සමග සිඞ්නි හිදි දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයටද කී‍්‍රඩා කිරීමට සූදානමින් සිටියා. එහෙත් ඊයේ ඇති වූ අසනීප තත්වයක් මත ඔහු අද තරගයට එක් නොකර වෛද්‍ය පරීක්ණයක් සදහා යොමු කිරීමටයි ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් බලධාරීන් පියවර ගෙන ඇත්තේ. 

මේ අතර ලොව පුරා සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති කෝවිඩි නයිටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉදිරියේ පැවැත්වීමට නියමිත අයි පී එල් කි‍්‍රකට් තරගාවලියටද බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ, ඉන්දියාවද ලබන 15 වැනිදා දක්වා විදේශිකයන්ට සිය රටට ඇතුලූවීමට තහනමක් පනවා තිබීම හේතුවෙන්. ඒ අනුව විදෙස් කි‍්‍රඩකයින්ට සහ පුුහුණුකරුවන්ට මෙවර අයි පී එල් තරගාවලියට සහභාගි වීමද අවදානම් තත්වයක පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ඉන්දියාවේ පැවැත්වෙන රෝඞ් සේෆ්ටි වර්ල්ඞ් සීරියස් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලිය අවලංගු කිරීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා. ඒ, කෝවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්. 

මාර්ග අනතුරුවලින් ආරක්ෂාවීම පිළිබද ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධාන කර තිබුණා. ඊයේ පස්වරුවේ ශී‍්‍ර ලංකාව, ඉන්දියාව ඇතුලූ තරගාවලියට එක්ව සිටින කී‍්‍රඩකයින් සහ තරග සංවිධායකින් අතර පැවති සාකච්ඡුාවකදී කී‍්‍රඩාලෝලීන්ගේ වැඩි අවධානයක් දිනා සිටි මෙම තරගාවලිය අවලංගු කිරීමට තීරණය කෙරුණා. මීට පෙර තරග සංවිධායකයින් තීරණය කර තිබුණේ මෙම තරගාවලියේ ඉදිරි තරග පේ‍්‍රක්ෂකයින්ගේ සහභාගීත්වය නොමැතිව පැවැත්වීමටයි.

කෙසේවෙතත්, ලබන මැයි මාසයේ දී හෝ ඔක්තෝම්බර් මාසයේ දී මෙම තරගාවලියේ ඉදිරි තරග පැවැත්වීම කෙරෙහි තරග සංවිධායකයින්ගෙන් අවධානය යොමුවී තිබෙනවා. මෙම තරගාවලිය සදහා තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්ව යටතේ ශී‍්‍ර ලංකා ප‍්‍රවීණයින්ගේ කණ්ඩායමක් සහභාගි වූ අතර ඊට මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, රොමේෂ් කලූවිතාරන ඇතුලූ ප‍්‍රවීණ කී‍්‍රඩකයින් රැුසක් එක්ව සිටියා.