Friday, May 3, 2024

General line - 0115112241

කොරෝනා පාලනය වන තෙක් විදෙස් රටවලට ශ්‍රමිකයින් යවන්න අවසර නැහැ - විදේශ රැකියා නියුක්ති කාර්යාංශය 




ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයට එරෙහි ආරක්ෂිත පියවරක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි තත්වයක් ප්‍රකාශය‍ට පත් කරමින් කල අවධාරනය සැලකිල්ලට ගනිමින් එම තත්වය සැලකිය යුතු මට්ටමකට පාලනය වන තුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා. 

මෙම තීරණය ගණු ලැබූයේ ශ්‍රී ලංකාව තුල සිදු කරනු ලබන නිරෝධායන ක්‍රියාවලියට සහයෝගය ලබා දීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විගමණික ප්‍රජාවගේ දේශිය හා විදේශිය සංචරන තත්වයන් සීමා කිරීම සිදු කල යුතු බැවිනි. 

කොරෝනා වෛරසය ව්‍යාප්ත ව ඇති ඇතැම් රටවල් විසින් එම රටවල් වලට ඇතුළු වීම සීමා කිරීමට ගෙන ඇති තීරණය‍ට සහයෝගය දීමක් වශයෙන්ද මෙම තීරණ වලට එළැඹුණු බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කලේ.