Friday, May 3, 2024

General line - 0115112241

ඉදිරි සති දෙක තුල කණ්ඩායම් ලෙස ඒකරාශිවිමෙන් වලකින්න : රජය දැනුම් දෙයි 




ඉදිරි සති දෙකක කාලයක් තුලදී කණ්ඩායම් වශයෙන් ඒකරාශිවිමෙන් වළකින්නැයි මහජනතාව ගෙන් රජය අද ඉල්ලීමක් සිදුකරනු ලැබුවා. ඒ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික කමිටු රැස්වීමේදී මේ සම්බන්ධයෙන් මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන් බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කළුවැව සඳහන් කර සිටියා.