Friday, May 3, 2024

General line - 0115112241

රවී අධිකරණයට ඇවිත්




හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රේෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට දැන් ඉදිරිපත් වුවා. ඒ ඔවුන්ට එරෙහිව වරෙන්තු නිකුත් කොට දින 07ක කාලයකින් පසුවයි.

අභියාචනාධිකරණය විසින් ලබා දුන් නියෝගය අනුව රවී කරුණානායක ඇතුළු සිව්දෙනෙක්ට අද පෙරවරු 4.00 ට පෙර ඔවුන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළා.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුළු 11 දෙනෙක්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබුවා.