Friday, May 3, 2024

General line - 0115112241

තායි ගුවන් සේවය ශ‍්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි




තායි ගුවන් සේවය ශ‍්‍රී ලංකාව වෙත සිදුකරන සිය ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. මෙම මස අවසානය දක්වා එලෙස ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බවයි තායි ගුවන් සේවය නිවේදනය කර ඇත්තේ.

නව කොරෝනා වෛරසය පැතිර යාම හමුවේ තවත් රටවල් කිහිපයකට සිදු කෙරෙන ගුවන් ගමන් අත්හටුවීමට ද තායි ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා. මීට පෙර තවත් රටවල් කිහිපයක් ද ශ‍්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තා.