Friday, May 3, 2024

General line - 0115112241

ලංකාවෙන් හමුවූ කොරෝනා ආසාධිතයින් දෙදෙනා සමග සම්බන්ධකම් පැවැත්වූ 65 දෙනෙක් හඳුනා ගැනේ




කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් දෙදෙනා සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් 65 දෙනෙක් සම්බන්ධයෙන් තොරතුරු රැස් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

පළමුව රෝගී වූ පුද්ගලයා සමග සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් ගණන 40 දෙනෙක් බවත් දෙවන පුද්ගලයා සමග 25 දෙනෙක් සම්බන්ධකම් පවත්වා ඇති බව සඳහන් කර සිටියා.

එම රෝගීන් දෙදෙනා සමග සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් 13 දෙනෙක් මේ වන විට රෝහල් ගත කර ඇති බවට මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා කියා සිටියා.

පළමුව වාර්තා වූ රෝගියා දියවැඩියාව, අධික රුධිර පීඩනයෙන් පෙලෙන අයෙක් බවත් ඔහුට මේ වන විට පෙනහළුවල ආසාධන තත්ත්වයකින් පෙලෙන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

එමෙන්ම කොරෝනා රෝගී පරීක්ෂණයන් පෞද්ගලික රෝහල් ඔස්සේ සිදුකිරිමට මේ දක්වා අවසර ලබාදී නැති බවද මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.