Friday, May 3, 2024

General line - 0115112241

කොරෝනා වැළදුණු ලාංකික කත සුවය ලබයි




කොරෝනා වෛරසය වැලදී ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව මේ වන විට සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.‬

‪ඉතාලියේ මිලානෝ හි පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය සඳහන් කර සිටියේ එම කාන්තාව මේ වන විට ඇය සේවය කල ඉතාලියේ බ්‍රෙෂියා නගරයේ නිවසට යලි පැමිණ ඇති බවයි.

මෙම කාන්තාව සේවය කළ නිවසේ හිමිකාරියගෙන් කොරෝනා වෛරසය වැලදී ඇති බවයි වාර්තා වුයේ.