Thursday, May 16, 2024

General line - 0115112241

විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙක්ගේ ඥාතියෙක්ට කොරෝනා වැළදේ : නිලධාරීන් රැසක් ස්වයං නිරෝධානයට ලක් කෙරේ 




විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුට මේ වන විට COVID -19 රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇත.  අදාළ වෛද්‍ය උපදෙස් මත මේ වන විට නිසි ක්‍රියා මාර්ග ගෙන  ඇති අතර වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කර ගැනීම සඳහා අමාත්‍යාංශය පියවර කිහිපයක් ගෙන තිබේ.

 ඒ අනුව, අදාළ නිලධාරිණිය සිකුරාදා සිට ස්වයං නිරෝධායනය කර ඇත.

ආරම්භක පියවරක් ලෙස,  මේ සතියේ  මුල් දිනයකදී කොළඹ විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී හා  මීට සති 2 කට පෙර යුරෝපීය අගනුවරකදී අදාළ නිලධාරිණිය හා එක්ව රාජකාරී කටයුතු කරමින්  සම්බන්ධ වූ කාර්ය මණ්ඩලයට 'ස්වයං නිරෝධායනය' කිරීමට උපදෙස් දී ඇත. අමාත්‍යාංශයේ අදාළ අංශ විෂබීජහරණය කිරීම සඳහා ද වැඩිදුර පියවර ගෙන තිබේ.

 
අමාත්‍යාංශය සිය කාර්ය මණ්ඩලයේ සහ එහි අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා  කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් පවතී.