Thursday, May 16, 2024

General line - 0115112241

රෝග නිරෝධායන ක්‍රියාවලියට බාධා කරන පුද්ගලයින් අත්අඩංගුවට : සියලු උත්සව තහනම් 




මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු සහ පෞද්ගලික ප්‍රසිද්ධ රැස්වීම් මෙන්ම උත්සව වහාම ක්‍රියාත්මක වන පරිදි සති දෙකකට නතර කර ඇතැයි පොලීසීය පවසනවා.

මේ සම්බන්ධයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජනතාව දැනුවත් කරන්නැයි පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.

එම නීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටියේ.

ඊට අමතරව රෝග නිරෝධායන ක්‍රියාවලියට බලපෑම් කරන පුද්ගලයින් වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටිනවා. ඒ, රෝග බෝ වීම හෝ පැතිරවීමට තුඩු දෙන ද්වේෂ සහගත ක්‍රියා සිදුකිරීම, රෝග නිරෝධායනයට බලපෑම් කිරීම මෙන්ම ජීවිත වලට අන්තරාදායක රෝගයක් පැතිරවීමට දායක වීම යන චෝදනා යටතේයි.

රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥා පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පවතින විධි විධාන වලට අනූකූලව එවැනි පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටියේ.