Thursday, May 16, 2024

General line - 0115112241

කොරෝනා ව්‍යාප්තියට එරෙහි ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම අද ඇරඹේ




කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා ව්‍යාප්තියට එරෙහි ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුමක් අද (15) ආරම්භ වනවා.

නව කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ පැතිර යන ව්‍යාජ තොරතුරුවලින් ජනතාව නොමග යාම වළක්වාලීමත් ව්‍යසනය ජය ගැනීම සඳහා කි‍්‍රයා කළ යුතු ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමත් මෙහි අපේක්ෂාවයි.

ශී‍්‍ර ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය සහ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව මෙම ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම සංවිධාන කරනවා.

මෙහි පළමු පියවර ලෙස අද උදෑසන 10.00 සිට 11.30 දක්වා සියලූ විද්‍යුත් නාලිකා මගින් එකම සංවාදයක් විසුරුවා හැරීමට නියමිතයි. යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, IDH රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම, මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන සහ රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලූවැව සම්පත්දායකයින් ලෙස මෙම සංවාදයට එක් වනවා. 

මීට පෙර ඩෙංගු රෝගය සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වූ අවස්ථාවේ ද මෙවැනි ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුමක් සිදු කෙරුණා. ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට එමගින් ඉහළ දායකත්වයක් සැපයුණු බවයි සෞඛ්‍ය අංශ කියා සිටියේ.