Thursday, May 16, 2024

General line - 0115112241

ලංකාවේ කොරෝනා රෝගින් සංඛ්‍යාව 18 ක් දක්වා ඉහළට (UPDATE)




ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් හත් දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කරනවා ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වන රෝගීන් සංඛ්‍යාව 18ක් දක්වා ඉහල යනු ඇති.

මෙම රෝගීන් හත් දෙනාම පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයට යොමු කළ අය වනවා.

මේ වන විට ඔවුන් පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

...................................................................

11  වන කොරෝනා රෝගියාත් ලංකාවෙන් හමුවෙයි : ජර්මනියේ සංචාරය කරලා 

මෙරටින් වාර්තාවන එකොළොස් වන කොරෝනා වෛරසය ආසාදිත රෝගියා තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කර සිටිනවා.

මෙම රෝගියා 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර මින් පෙර රෝගය තහවුරු වූ ජර්මනියේ සංචාරය කර පැමිණි පුද්ගලයා සමඟ එම සංචාරයේම යෙදුණු අයෙක් බව සඳහන්.

එම රෝගියා මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.