Wednesday, May 15, 2024

General line - 0115112241

ලෝකයේ රටවල් 2/3 කට කොරෝනා වෛරසය පැතිරේ : මරණ ගණන 6000 ඉක්මවයි




නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව  6,000 ඉක්මව ගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටිනවා.

මේ වන විට කොරෝනා වෛරසය ලොව රටවල් 142 කට වැඩි ගණනකට ව්‍යාප්ත වී ඇති අතර ඉන් ලොව පුරා මියගිය ගණන 6,036ක් බවයි එම සංවිධානය සඳහන් කළේ.

කොරෝනා වෛරසය වැලදී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 162,201ක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා වන්නේ.

යුරෝපයේ රටවල් අතරින් වැඩිම බලපෑමක් එල්ලවී ඇති ඉතාලියෙන් මරණ 1809ක්, ස්පාඤ්ඤයෙන් මරණ 288ක් සහ බ්‍රිතාන්‍යයෙන් මරණ 35ක් මේ වන විට වාර්තා වී ඇත.

ඊට අමතරව ඉරානයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 724ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සුපිරි වෙළඳසැල්, ආපනශාලා, කෝපි හල් සහ පොදු උද්‍යාන වසා තැබීමට සෞදි රජය නියෝග කර තිබෙනවා.

එම නියෝගයට අනුව ෆාමසී, ආහාර බෙදා හැරීමේ ස්ථාන සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා අලෙවි කරන වෙළදසැල් පමණක් විවෘතව තබන බවයි සෞදි රජය තීරණය කර තිබෙන්නේ.

ආපන ශාලා සහ අවන්හල් තුළ පාරිභෝගිකයින්ට අහාර ලබා දීම පවා තහනම් කර ඇත.

මේ වන විට සෞදි අරාබියේ කොරෝනා රෝගීන් 103 වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.