Wednesday, May 15, 2024

General line - 0115112241

නව කොරෝනා වැළඳිය හැකි තවත් මාර්ග ගැන ජනතාව දැනුවත් කෙරේ




දුම්පානය කරන පුද්ගලයින්ට නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි අවධානමක් පවතින බව IDH උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පවසනවා. ඔහු ඒ පිළිබඳ නෙත් නිවුස් වෙත පැහැදිළි කළේ මෙලෙසයි.

"නව කොරෝනා වෛරසය නිසා ඇති වෙන රෝගී තත්ත්වය ඇති වෙන්නේ ශ්වසන පද්ධතියට. මේකෙ බරපතලකම ඇති වෙන්නේ නිව්මෝනියාව වැළඳීම නිසා. අපි හැමෝගෙම ශ්වසන පද්ධතියේ ස්වභාවික ප්‍රතිශක්තිකරණය ඇතිවෙන විධික්‍රම තියෙනවා. නමුත් දුම් පානය කරන අයගේ මේ පෙනහළුවල තියෙන ස්වභාවික ප්‍රතිශක්තිය නැති වී යනවා. චීනයෙන් ලැබෙන දත්ත දිහා බැලුවාම අපිට පේනවා දුම්පානය කරන අයට ඇති වූ සංකූලතා, මරණ ප්‍රමාණ වැඩි බව. ඒ නිසා දුම්පානය කරන අයට මේ රෝගය වැළඳීමේ ඉඩකඩ සහ වැළඳුන හොත් බරපතල වීමේ ඉඩකඩ වැඩියි." 

සිගරට් දුමෙන් කොරෝනා වෛරසය ආසාදනය වීමක් සිදු නොවුණත් දුම්පානය කරන පුද්ගලයින් සිටින ස්ථානයක සිටීමෙන් වෛරසයට ගොදුරු වීමේ වැඩි සම්භාවිතාවක් ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මුදල් නෝට්ටු හරහා ද නව කොරෝනා වෛරසය ආසාදනය විය හැකි බවයි IDH උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම වැඩිදුරටත් කියා සිටියේ.