Thursday, May 16, 2024

General line - 0115112241

කොරෝනා බිය අමෙරිකානු යුධ නෞකාවකටත් - පළමු නැවියා වාර්තා වේ




අමෙරිකානු ප්‍රහාරක නෞකාවක් වන USS Boxxer හී සේවයේ නියුතු නාවික සෙබළෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව එරට නාවික හමුදාව නිවේදනය කර සිටිනවා.

ඒ අනුව ප්‍රහාරක නෞකාවක රාජකාරි කරමින් සිටියදී කොරෝනා වෛරසය වැළදුණු පළමු අමෙරිකානු සෙබලා මොහු වනවා.

මෙම පුද්ගලයා සමග සේවය කළ හා සමීප සම්බන්ධකම් පැවැත්වූ සෙසු පිරිස් ඉක්මනින්ම හඳුනා ගෙන ඇති අතර ඔවුන්ව මෙ වන විට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි නාවික හමුදා නිවේදනයේ සඳහන් වන්නේ.

මේ වන විට අමෙරිකාවේ කොරෝනා රෝගීන් 3400 කට අධික පිරිසක් වාර්තා වන අතර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 65ක් වනවා.