Thursday, May 16, 2024

General line - 0115112241

රට ගිහින් ඇවිත් ගෙදර ගිය හතර දෙනෙක් නිරෝධායනයට එක්වෙයි




දකුණු කොරියාවේ සිට පැමිණ කටුනායක ගුවන් තොටුපළින් සිය නිවෙස් කරා ගොස් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ස්වේච්ඡාවෙන් නිරෝධායන කටයුතු සඳහා යොමුව තිබෙනවා.

ඔවුන් ඊයේ (15) රත්නපුර මහ රෝහල වෙත භාර වූ බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ. 

මේ අතර ඉකුත් 01 වැනිදා සිට 09 වැනිදා දක්වා දිවයිනට පැමිණි පුද්ගලයින් වේ නම් නිරෝධායනය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් ද කර තිබුණා. එලෙස දිවයිනට පැමිණි පුද්ගලයින් පිළිබඳ තොරතුරු දන්නේ නම් 117 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි ඉල්ලීමක් කළේ. 

මේ අතර මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18 ක් ලෙස ඊයේ ඉහළ ගියා. ඊයේ දිනයේ පමණක් මෙරටින් වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් ගණන 07 ක්.