Thursday, May 16, 2024

General line - 0115112241

චීන ව්‍යාපාරිකයෙකු ගෙන් අමෙරිකාවට කොරෝනා පරිත්‍යාගයක් 




ලොව ප්‍රබල ව්‍යාපාරිකයෙක් වන Alibaba ව්‍යාපාරයේ හිමිකරු ජැක් මා විසින් කොරෝනා වෛරස් පරීක්ෂණ කට්ටල සහ මුහුණු ආවරණ තොගයක් අමෙරිකාවට පරිත්‍යාග කර තිබෙනවා.

සිය නිල ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් ජැක් මා සඳහන් කරන්නේ සිය පදනමේ අනුග්‍රහය මත මෙම භාණ්ඩ තොගය අමෙරිකාවට පරිත්‍යාග කිරීමට කටයුතු සුදානම් කර ඇති බවයි.

කොරෝනා වෛරසය පරික්ෂා කිරීමේ උපකරණ කට්ටල ලක්ෂ 05ක් සහ මුහුණු ආවරණ මිලියන ගණනක් මේ අනුව චීනයේ ෂැංහයි හි සිට අමෙරිකාව බලා යවා ඇති බවයි වාර්තා වන්නේ. 

" අමෙරිකාවේ සිටින අපගේ මිතුරන්ට සුභ පැතුම්"  Alibaba ව්‍යාපාරයේ හිමිකරු ජැක් මා සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කර තිබෙනවා.