Wednesday, May 15, 2024

General line - 0115112241

තර්ජනය එලෙසමයි, අවධානමෙන් සිටින්න - වුහාන් සෞඛ්‍ය බලධාරීන් නගර වැසියන්ට අනතුරු අඟවයි 




කොරෝනා වෛරසය පළමුවෙන් වාර්තා වූ චීනයේ වුහාන් නගරය තවමත් අනතුරු දායක මට්ටමක පවතින බව එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා. නාගරික සෞඛ්‍ය කොමිසමේ නිලධාරීන් මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කර සිටියේ නගරය තුල තවමත් කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවධානමක් පවතින බවයි.

චීනයේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ වුහාන් නගරය ඉකුත් ජනවාරි මස 23 වෙනිදා සිට වසා දමා තිබෙනවා.

" මේ වන විට නව කොරෝනා වෛරසය වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අඩු වුවත්, ප්‍රජාව තුල තවමත් වෛරසයේ ව්‍යාප්තවීම සම්බන්ධයෙන් තහවුරු කර ගත හැකි සාක්ෂි අපට ලැබෙමින් පවතිනවා. මිට පෙර වෛරසයට ගොදුරුවූ පුද්ගලයින්ගේ නිවෙස් ආසන්නයේ සිටින පදිංචිකරුවන්ට පසුව එම වෛරසය සම්ප්‍රේෂණයවූ බවට කරුණු හෙළිවී තිබෙනවා. මේ හේතුවෙන් අවධානම තවම පහවී ගොස් නැහැ. ඒ හේතුවෙන් සියලු දෙනා අවධානයෙන් පසුවිය යුතුයි. හැකිතාක් නිවෙස් තුලට වී සිටින්න" මාධ්‍ය හමුවකට එක්වෙමින් වුහාන් නාගරික සෞඛ්‍ය කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ෂෙන් යුන් ප්‍රකාශ කර සිටිනවා.