Friday, May 3, 2024

General line - 0115112241

නිරෝධායනයට එරෙහි වූවන් නිසා කොරෝනා වෛරසයට ගොදුරු වූ හමුදා නිලධාරියෙකු ගැන යුද හමුදාපතිගෙන් අනාවරණයක්




ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදුන් පුද්ගලයන් එම උපදෙස් පිළිපැදීමට ස්වයං විනයක් පවත්වාගත යුතු බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපතිවරයා කියාසිිටියේ එම උපදෙස් උල්ලංඝණය කරන පුද්ගලයින් සොයා යුද හමුදා බුද්ධි අංශ කි‍්‍රයාත්මක බවයි.

නිරෝධායන වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් පසුගියදා කටුනායක ගුවන් තොටුපොලේදී උද්වේගකාරී ලෙස හැසිරුණු පිරිස පාලනය කිරීමට මැදිහත් වූ යුද හමුදා නිලධාරියෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවද යුද හමුදාපතිවරයා මෙහිදී කියාසිටියා.

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පි‍්‍රයන්ත මායාදුන්නේද මෙම සාකච්ඡුාවට එක් වුණා. යුද හමුදාව මගින් කි‍්‍රයාත්මක කරන නිරෝධායන වැඩපිළිවෙල පිළිබද සියළු දෙනා කෘතවේදී විය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

සියළු පුරවැසියන් නිසි පරිදි යුතුකම් ඉටුකලහොත් කෙටිකලක් තුළ මෙම ගැටළුවෙන් මිදීමට ශී‍්‍ර ලංකාවට හැකිවනු ඇති බවද මෙහිදී පැහැදිලි කෙරුණා.

ඊයේ රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන බැඑයබැඅිගකන  අපගේ වෙබ් අඩවියට පිවිස ශ‍්‍රවණය කළ හැකියි.