Saturday, May 4, 2024

General line - 0115112241

නිරෝධායනය මගහරිමින් සිටින 176 පිළිබඳ තොරතුරු




මාර්තු පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ යුරෝපය, ඉරානය හෝ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය මගහරිමින් සිටින පුද්ගලයින් 176 දෙනෙකු පිළිබද තොරතුරු අනාවරණ කර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවයි.

මේ අතර මාර්තු පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ යුරෝපය, ඉරානය හෝ දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් ලියාපදිංචිවීම සදහා ළගම ඇති පොලිස් ස්ථානය වෙත පැමිණීම අවශ්‍ය නොවන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළා.

අදාළ පොලිස් ස්ථානයේ දුරකතන අංකය ලබාගෙන මෙලෙස ලියාපදිංචි වීමේ හැකියාවක් ඇති බවත් සඳහන් කළා.