Saturday, May 4, 2024

General line - 0115112241

පක්ෂ කිහිපයක් නාමයෝජනා භාර දෙයි - පොහොට්ටුව සහ ශ්‍රිලනිපය තීරණාත්මක සාකච්ඡාවකට




2020 මහ මැතිවරණය සදහා දේශපාලන පක්‍ෂ කිහිපයක් අද (17) දිස්ති‍්‍රක්ක කිහිපයකට නාමයෝජනා භාරදුන්නා.

මාතලේ, පුත්තලම ඇතුළු දිස්ති‍්‍රක්ක කිහිපයකට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද පෙරවරුවේ නාමයෝජනා භාරදුන් බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය මහනුවර, මාතලේ යන දිස්ති‍්‍රක්ක සදහා අද පෙරවරුවේ නාමයෝජනා භාරදී තිබෙනවා.

මේ අතර දිස්ති‍්‍රක්ක කිහිපයක නාමයෝජනා ලැයිස්තු සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නායකයින් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද  පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය වෙනම තරග කරනවාද? නැද්ද යන්න පිළිබද අවසන් තීරණයකට එළැඹීමට නියමිතයි.

නුවරඑළිය, කළුතර, යාපනය සහ වන්නි දිස්ති‍්‍රක්ක සඳහා වෙනම තරග කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය දැනටමත් තීරණයක් ගෙන තිබෙනවා.