Saturday, May 4, 2024

General line - 0115112241

කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩබැස්වීම අත්හිටුවයි




සියලුම රටවල සිට කටුනායක ගුවන් තොටුපළට මගී ගුවන් යානා පැමිණීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති විශේෂ සාකච්ජාවකදී මෙම තීරණය ගෙන ඇත.

කෙසේ වුවත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා මෙරටට පැමිණීමට කිසිදු බාධාවක් මෙමගින් ඇති නොවන බව සඳහන්. 

ඒ අනුව හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට සති දෙකක කාලයක් සඳහා කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩබැස්වීමට අවසර නොදීමට මෙහිදී තීරණය කර ඇත්තේ .

පසුගිය දින කිහිපයේදී විශාල පිරිසක් විදෙස් රටවල සිට මෙරටට පැමිණ ඇති අතර නිරෝධායනය කිරීම සඳහා ඔවුන් සිටින ස්ථාන සොයා ගැනීම සඳහා රජයට විශාල වෙහෙසක් දැරීමට සිදුව ඇති බවයි මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

මේ වන විට දඹදිව සංචාරය සඳහා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් 1200 කට ආසන්න පිරිසක් යලි දිවයිනට රැගෙන ඒමට විශේෂ වැඩපිළිවලක් දියත් කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.