Saturday, May 4, 2024

General line - 0115112241

දුම්රිය ධාවනය සිමා කෙරේ




ලබන බ‍්‍රහස්පතින්දා දක්වා විශේෂ නිවාඩු දින ලෙස රජය ප‍්‍රකාශයට පත් කිරීම සැලකිල්ලට ගනිමින් එම දිනයන්හිදී දුම්රිය ධාවනය සීමා කිරීමට තීරණය කර  තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු නෙත් නිවුස් වෙත කියාසිටියේ එක් දිනකට දුම්රිය ගමන් වාර 80 ක් පමණ මේ හේතුවෙන් නවතා දමන බවයි.

ඉරිදා දිනයකදී ධාවනය වන පරිදි මෙම දින තුනෙහි දුම්රිය ධාවනය කෙරෙන බවයි ප‍්‍රකාශ කෙරුණේ. දුර ගමන් සේවා දුම්රිය එලෙස කි‍්‍රයාත්මක වන අතර මෙම නිවාඩු තුනෙහි කෙටි ගමන් දුම්රිය වාර ධාවනය සීමා කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවේ.