Tuesday, May 7, 2024

General line - 0115112241

ඇඳිරි නීතිය කැඩූ 20ක් නාවික හමුදා අත්අඩංගුවට




පුත්තලම සහ මීගමුව කොච්චිකඬේ පොලිස් බල ප‍්‍රදේශයට ඊයේ පොලිස් ඇදිරි නීතිය පනවා තිබූ අවස්ථාවේදී එය කඩ කළ පුද්ගලයින් 20 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අදාළ පුද්ගලයින් පුත්තලම ප‍්‍රදේශයේ සිට මුහුදු මාර්ගයෙන් මන්නාරම ප‍්‍රදේශයට පලායාමට උත්සාහ කරන බවට ලද තොරතුරකට අනුවයි.

එහිදී යාත‍්‍රා මගින් මන්නාරම ප‍්‍රදේශයට පිටත්වීමට සූදානමින් සිටි එම පුද්ගලයින් පිරිස බත්තලන්ගුන්ඩුව ප‍්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඔවුන් අතරට කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා දැරියන් තිදෙනෙකු ද වන බවයි නාවික හමුදාව පැවසුවේ. අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත භාරදීමට පියවර තිබෙනවා.