Sunday, May 19, 2024

General line - 0115112241

රටම අවදානමක ඇති මොහොතක ඇඳිරි නීතිය කඩන පිරිස් ගැන පැහැදිළි කිරීමක්




ඇදිරි නීතිය ආරක්‍ෂා කිරීම රටේ සියළු පුරවැසියන්ගේ වගකීමක් වුවද ගත වූ දින දෙක තුළ පමණක් ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 800 කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඉන් බහුතරය මාර්ගයේ නිකරුණේ ගැවසුණු පිරිසයි. 

කොරෝනා වෛරසය හේතුවෙන් රටම අවදානමක ඇති මොහොතක වෛරසය පැතිරීම පාලනයට පනවා ඇති ඇදිරි නීතිය පවා පුද්ගලයින් මෙලෙස උල්ලංඝණය කරන්නේ මන්දැයි කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය මෙලෙස පැහැදිලි කළා.

එහිදී ඔහු පෙන්වා "තාක්ෂණය අතින් විද්‍යාව අතින් අපි කොච්චර දියුණු වුවත් ජනතාව මනස අතින් ඉතාමත් පහළ තත්ත්වයක සිටින්නේ." බවයි.