Sunday, May 19, 2024

General line - 0115112241

උතුරේ 200ක් ස්වයං නිරෝධායනයට - සෞඛ්‍ය අංශවලට බාධා කළ බවටත් පොලිසියට චෝදනා




යාපනය අරියාලෙයි ප‍්‍රදේශයේ දේව මෙහෙයකට සහභාගී වූ බව කියන පුද්ගලයින් 200 කට ආසන්න සංඛ්‍යාවක් හදුනාගෙන ඇතැයි ආරක්‍ෂක අංශ පවසනවා. ඔවුන් සිය නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරිමටයි පියවර ගෙන ඇත්තේ.

ඔවුන්ගෙන් 150 කට ආසන්න පිරිසක් යාපනය දිස්ති‍්‍රක්කයේ පදිංචිකරුවන්. වව්නියාව දිස්ති‍්‍රක්කයෙන්ද පුද්ගලයින් දස දෙනෙකු හදුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. කිලිනොච්චිය දිස්ති‍්‍රක්කයෙන් අදාළ දේව මෙහෙයට සම්බන්ධ වූ පිරිසක් ද හදුනාගෙන තිබෙනවා. 

අදාළ දේව මෙහෙයට සහභාගි වූ පිරිස් වෙත සෞඛ්‍ය අංශ දිගින් දිගටම දැනුවත් කිරීම් සිදුකරමින් පවතිනවා. කෙසේවෙතත් ඒ අවස්ථාවේ පොලීසිය ඊට බාධා සිදුකර ඇති බවටද නෙත් නිවුස් වෙත වාර්තා වුණා. එම දේව මෙහෙයට පැමිණි දේවගැතිවරයාට කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මේ වනවිට තහවුරු කර ගෙන තිබෙනවා. 

කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද ජනතාවට දැනුම් දෙන්නේ මෙම දේව මෙහෙයට සම්බන්ධ වූ පිරිස් සිටී නම් වහාම පොලිසියට දැනුම් දෙන ලෙසයි.