Thursday, May 16, 2024

General line - 0115112241

කොරෝනා පාලනයට යුරෝපය මෙතෙක් ගත් ක්‍රියාමාර්ග අසාර්ථක වෙයි




කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය පාලනයට යුරෝපය ගත් කි‍්‍රයාමාර්ග මේ දක්වා අසාර්ථක වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, දිගින් දිගටම යුරෝපයේ රටවලින් වෛරස් ආසාදිතයින් සහ පුද්ගල මරණ වාර්තාවීමත් සමගයි.

ගත වූ පැය 24 වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්. එම සංඛ්‍යාව 651 ක්. ඒ අනුව ඉතාලියෙන් වාර්තා වන මුළු පුද්ගල මරණ සංඛ්‍යාව 5,476 ක්. ඉතාලියෙන් අලූතින් කොරෝනා රෝගීන් 5,560 ක් වාර්තා වනවා. එය 13.5% ක වැඩිවීමක්. ඉතාලියෙන් කොරෝනා රෝගීන් 59,138 දෙනෙකු වාර්තා වනවා. 

ජර්මනිය විසින් පුද්ගලයන් දෙදෙනෙකුට වඩා රැස්වීම තහනම් කර ඇත්තේ ගත වූ පැය 24 තුළ වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව 12% කින් ඉහළ යාමත් සමගයි.

ස්පාඤ්ඤය ප‍්‍රකාශයට පත් කළ හදිසි තත්ත්වය තවත් දින 15 කට දීර්ඝ කර තිබෙනවා.

අත්‍යවශ්‍ය නොවන සියළු සේවා තහනම් කිරීමටයි ගී‍්‍රිසිය තීරණය කර ඇත්තේ. වෙළදසැලකට එක් වරකට එක් පුද්ගලයෙකුට පමණක් ඇතුළුවිය හැකි පරිදි නව නීති සැකසීමටද ගී‍්‍රසිය තීරණය කර තිබෙනවා.

ගත වූ පැය 24 වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්. එම සංඛ්‍යාව 9,339 ක්.

මේ වනවිට ලෝකයෙන් කොරෝනා ආසාදිතයින් තුන් ලක්‍ෂ 36,838 දෙනෙකු සහ මරණ 14,616 ක් වාර්තා වනවා.