Sunday, May 19, 2024

General line - 0115112241

බැංකු සේවකයින්ට දැනුම් දීමක්




ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවන් හී අත්‍යාවශ්‍ය රාජකාරී කටයුතු සඳහා බැංකු සේවකයින්ට රාජකාරී හැඳුනුම්පත භාවිතා කරමින් සිය රාජකාරී කටයුතු සඳහා වාර්තා කළ හැකි බව වැඩබලන පොලිස්පති දන්වා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්  පෙන්වා දෙන්නේ.

මේ අතර අද (23) උදෑසන 6.00 ට ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල සියලු බැංකු ශාඛා විවෘතව තබන්නැයි ජනාධිපති ලේකම්වරයා බැංකු බළධාරීන්ට දැනුම් දී තිබෙනවා.

මේ සඳහා ශාඛා කළමනාකරු ඇතුළු සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගත යුතු බවද පෙන්වා දෙනවා. 

මේ කාර්යයට සහාය වන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ලංකා බැංකු සේවක සංගමයෙන් ද ඉල්ලා සිටිනවා.