Saturday, May 18, 2024

General line - 0115112241

කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ නෙත් නිවුස් මෙහෙයුම් මැදිරියෙන් ගැටලු රැසකට විසඳුම්




කොරෝනා වෛරසයෙන් රට නිදහස් කර ගැනීම සඳහා කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ නෙත් නිවුස් මෙහෙයුම් මැදිරියට තවදුරටත් ජනතාව තොරතුරු ලබාදෙමින් සිටිනවා. ඒ අනුව කි‍්‍රයාත්මක වන නෙත් එෆ්. එම්. රේඩියෝව ඒවාට විසදුම් ලබාදීමද තවදුරටත් සිදුවනවා.

ඇදිරි නීතිය කඩ කරමින් දිවුලපිටිය, හොරගස්මුල්ල ප‍්‍රදේශයේ ජනතාව රැස් කරමින් නීතිවිරෝධීව මත්පැන් විකුණූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේද නෙත් නිවුස් මෙහෙයුම් මැදිරිය දිවුලපිටිය පොලීසියට කළ දැනුම්දීමක් මතයි.

එවැනි තවත් දැනුම්දීමකදී උල්ලලපොල ප‍්‍රදේශයේ නිදන් හෑරු පිිරිසක්ද දිවුලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

 

මොරටුව ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කළ තරුණයින් දෙදෙනෙකුට සිය නිවසට යාමට අවස්ථාව සලසා දුන්නේද නෙත් නිවුස් මෙහෙයුම් මැදිරිය පොලීසියට කළ දැනුම්දීමකට අනුවයි.

විවිධ පුද්ගලයින් සහ රාජ්‍ය ආයතන සිදුකරන සත්කි‍්‍රයාවන් පිළිබද තොරතුරුද ජනතාව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ නෙත් නිවුස් මෙහෙයුම් මැදිරියට ලබාදෙමින් සිටිනවා.

පානදුර උතුර පොලීසියේ මැදිහත්වීමෙන් වීථිවල සැරි සැරූ සුනඛයින්ට ආහාර ලබාදෙන ආකාරයද දැකගත හැකි වුණා. ඇදිරි නීතිය පැවැත්වෙන කාලයේ වෛද්‍ය උපදෙස් ලබාදීම සදහා ඇතැම් වෛද්‍යවරුන් සිය දුරකතන අංකද සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධ කර තිබීමද තවත් එවැනි කි‍්‍රයාවක්. 

ඇතැම් පිරිස් ජනතාවට වියළි ආහාර ලබාදීමටද ඉදිරිපත් වී සිටින අතර නිරෝධායන මධ්‍යස්ථානවල කටයුතු සදහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමැත්ත පළ කරන පුද්ගලයින්ද කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ නෙත් නිවුස් මෙහෙයුම් මැදිරියට ඇමතුම් ලබාදුන්නා.

මේ අතර විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සම්බන්ධයෙන් වත්මන් කාලසීමාවේදී වැඩි අවධානයක් යොමු කරන ලෙස කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ නෙත් නිවුස් මෙහෙයුම් මැදිරිය ඇමතූ ශී‍්‍ර ලංකා ජාතික දෘෂ්‍යාබාධිත සම්මේලනයේ ලේකම් ප‍්‍රසන්න වික‍්‍රමසිංහ පැවසුවා.

මෙම කාලසීමාවේ යම් අයෙකු අපහසුතාවට පත්ව සිටින්නේ නම් හෝ යම් තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් 072 7 372 372, 077 20 70 468, 077 50 16 849 සහ 076 37 42 884. යන දුරකතන අංක අමතා තොරතුරු ලබාදිය හැකියි. ඊයේ දිනයේ ද මෙහෙයුම් මැදිරිය ඇමතූ බොහෝ දෙනෙකුට සහන සැලසීමට නෙත් එෆ් එම් රේඩියෝවට හැකියාව ලැබුණා.