Saturday, May 18, 2024

General line - 0115112241

දිවයිනපුරා යළි ඇදිරි නීතිය පැනවෙයි




සියළු දිස්ති‍්‍රක්ක සදහා අද දහවල් දෙකේ සිට යළි ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වනවා. කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ති‍්‍රක්ක සහ උතුරු පළාතේ දිස්ති‍්‍රක්ක 5 හැර සෙසු ප‍්‍රදේශවල ඇදිරි නීතිය බ‍්‍රහස්පතින්දා උදෑසන 6 ට ඉවත් කරන අතර එදිනම දහවල් 12 ට යළි පැනවීමට නියමිතයි. 

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ති‍්‍රක්ක සහ උතුරු පළාතේ දිස්ති‍්‍රක්ක 5 ක් තුළ දැන් කි‍්‍ර‍යාත්මක ඇදිරි නීතිය හෙට උදෑසන 6 ට ඉවත් කෙරෙනවා. එම දිස්ති‍්‍රක්කවල හෙට දහවල් 12 ට නැවත ඇදිරි නීතිය කි‍්‍රයාත්මක කරන අතර එය සිකුරාදා උදෑසන 6 තෙක් බලාත්මකයි. එම දිස්ති‍්‍රක්කවලට ලබන සිකුරාදා දහවල් 12 ට යළි ඇදිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.