Saturday, May 18, 2024

General line - 0115112241

ඉන්දුනීසියානු අගනුවරත් වසා දමයි




ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර අද සිට සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, නගරයේ සිටින මිලියන 10 කට අධික පිරිසක් නගරය තුළට කොටු කරමින්. පකිස්තානයේ දකුණුදිග සින්ද් පළාතද දින 15 කට සම්පූර්ණයෙන් වසා දැමීමට අද තීරණය කළා. හොංකොං නගරයද සියළු සංචාරකයින්ට තහනම් ප‍්‍රදේශයක් කර තිබෙනවා.

මේ අතර ෆේස්බුක් සමාගම තීරණය කර ඇත්තේ අමෙරිකානු සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් මුහුණු ආවරණ හත් ලක්‍ෂ 20,000 ක් ප‍්‍රදානය කිරීමටයි.