Saturday, May 18, 2024

General line - 0115112241

කොරෝනා මර්ධනයට රජය ගෙනයන වැඩ පිළිවෙල එජාපය අගයයි : දුගී ජනතාවට සහනයක් දෙන්න කියයි




කොරෝනා වෛරසය මැඩලීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට පක්ෂ පාට භේදයකින් තොරව ඇගයීය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකීල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටිනවා.

කොරෝනා වෛරසය මර්ධනය කිරිම සඳහා රජය මුළු දිවයින පුරා ඇඳිරි නීතිය පනවා තිබෙන බවත් එය යහපත් ක්‍රියාවක් වුවත් අනෙක් අතින් එදිනෙදා ජිවත් වන ජනතාවට මේ හේතුවෙන් ගැටළු සහගත තත්ත්වයක්‌ උදාවී ඇති බවයි.

කුලී වැඩකටයුතු කරමින් එදින් එදා ජීවිතය රැගෙන යන මේ රටේ විශාල පිරිසකට ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කළ යුතු බවයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා කියා සිටියා.

මේ අතර කොරෝනා වෛරසයෙන් රට නිදහස් කර ගැනීම සඳහා කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ නෙත් නිවුස් මෙහෙයුම් මැදිරියට තවදුරටත් ජනතාව තොරතුරු ලබාදෙමින් සිටිනවා.

ඒ අනුව ක්‍රියාත්මක වන නෙත් එෆ්. එම්. රේඩියෝව ඒවාට විසදුම් ලබාදීමද තවදුරටත් සිදුවනවා.

මෙම කාලසීමාවේ යම් අයෙකු අපහසුතාවට පත්ව සිටින්නේ නම් හෝ යම් තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් 072 7 372 372, 077 20 70 468, 077 50 16 849 සහ 076 37 42 884. යන දුරකතන අංක අමතා තොරතුරු ලබාදිය හැකියි. ඊයේ දිනයේ ද මෙහෙයුම් මැදිරිය ඇමතූ බොහෝ දෙනෙකුට සහන සැලසීමට නෙත් එෆ් එම් රේඩියෝවට හැකියාව ලැබුණා.