Saturday, May 18, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන් ගණන 95ක් දක්වා ඉහළට




අද (23) දිනයේදී කොරෝනා වෛරසය ආසාධිතවූ පුද්ගලයින් 10 දෙනෙක් සොයා ගත් බවත් ඒ අනුව මෙරටින් සොයා ගත් මුළු රෝගීන් ගණන 95ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.

.......................

කොරෝනා රෝගීන් ගණන 93 දක්වා ඉහළට 

(23-03-2020 22:11) 

කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගීන් දෙදෙනෙක් අද (23) සවස් කාලයේදී වාර්තා වීමත් සමග මෙරට වාර්තා වී ඇති මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා.

.............................

කොරෝනා රෝගීන් ගණන 91 දක්වා ඉහළට 

(23-03-2020 17:58)

අද (23) දිනයේදී නව කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් පස් දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 91 දෙනෙක් සොයා ගෙන ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියාසිටියේ.