Saturday, May 18, 2024

General line - 0115112241

නෙත් නිවුස් දැනුම්දීමකින් රාජගිරියේ කුඩු තිප්පලක් STF වටලයි




ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වෙමින් පැවතියදී හෙරොයින් අලෙවි කළ රාජගිරිය ඔබේසේකරපුර ප‍්‍රදේශයේ ස්ථානයක් පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අද (23) උදෑසන වටලනු ලැබුවා. ඒ, නෙත් නිවුස් ලබාදුන් තොරතුරකට අනුවයි.

මුඛ ආවරණයක් පැළඳ සිටින පුද්ගලයෙක් එම මුඛ ආවරණය තුළ සගවා හෙරොයින් අලෙවි කරන බවටයි නෙත් නිවුස් වෙත තොරතුරු ලැබුණේ. 

ඒ අනුව පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙණ නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක දැනුවත් කිරීමට නෙත් නිවුස් කටයුතු කළා. එම තොරතුර අනුව සිදුකළ වැටලීමකදී හෙරොයින් ග‍්‍රෑම් 05 ක් සන්තකව සිටි 18 හැවිරිදි තරුණයෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලීසිය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේ.